Thursday, January 23, 2025

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණියක් නෝර්වේ පාර්ලිමේන්තුවට

ශ්‍රී ලාංකේය සම්භාවයක් ඇති කම්සිජානි ගුණරත්නම් නෝර්වේජියානු පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.

ඒ පසුගිය දා පැවති නෝර්වේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් කම්කරු පක්ෂයෙන් තරඟ කර ජයග්‍රහණය කිරීමෙනි.

ඇය යාපනය ප්‍රදේශයේ උපත ලද තරැණියක් වන අතර ඇය වයස අවුරුදු 3දී සිය දෙමාපියන් සමඟ සරණාගතයින් ලෙස නෝර්වේ රාජ්‍යයට ගොස් තිබෙනවා.පසුව ඔස්ලෝ හි පුරවැසිභාවය ලබා ගැනීමෙන් අනතුරුව ඇය 2007 වසරේදී පළමුවරට ඔස්ලෝ හි නාගරික මන්ත්‍රීවරියක ලෙස තේරී පත්වූ අතර 2015 වසරේදී එහි නියෝජ්‍ය නගරාධිපතිවරිය ලෙස ද කටයුතු කළා.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නෝර්වේජියානු ජාතිකයකු එරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු අවස්ථාව මෙය බව ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

කම්සි ගුණරත්න නෝර්වේ හි කම්කරු පක්ෂය නියෝජනය කරන අතර කලක් ඔස්ලෝ නුවර නියෝජ්‍ය නගරාධිපති ධුරය ද හෙබවූවා ය.

නෝර්වේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු ලාංකික කාන්තාව ඇය ලෙසයි ඉතිහාසයට එක්වන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles