ශ්‍රී.ල.නි.ප. තව ප්‍රබල 4 ක්‌ ඉවතට

0
742

ඒකාබද්ධ විපක්‍ෂයේ කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනකු මෙම සතියේදී ආසන සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට එම පක්‍ෂය තීරණය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය.

චමල් රාජපක්‍ෂ, විදුර වික්‍රමනායක, රංජිත් ද සොයිසා හා අරුන්දික ප්‍රනාන්දු යන මන්ත්‍රීවරු මෙලෙස සංවිධායක ධුරවලින් ඉවත් කරන බව ද හෙතෙම කීය.ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට සහය නොදැක්‌වීම, පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ජයග්‍රහණය කරවීම සඳහා ශාඛා සමිති ආසනවල පිහිටුවමින් නාමයෝජනා ලැයිස්‌තු සකස්‌ නොකිරීම සහ පොදුජන පෙරමුණ දිනවීම සඳහා කටයුතු කිරීම මෙම මන්ත්‍රීවරුන්ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වේ.

විදුර වික්‍රමනායක මන්ත්‍රීවරයා අසනීප තත්ත්වයෙන් පසුවීමත්, චමල් රාජපක්‍ෂ මහතා තමන් කිසිදාක පක්‍ෂය හැර නොයන බවට ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබීමත් නිසා ආසන සංවිධායක තනතුරුවලින් ඉවත් කිරීම ප්‍රමාද වූ බව ද ඇමැතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here