Monday, September 23, 2024

ශාක – සත්ව ජාන සංහාරයක් සිදු කළ උඩරට කැරැල්ලට වැඩි විනාශයක්, උඩරට ආහාර වගාවට ආණ්ඩුවේ පොහොර – කෘෂි රසායන තහනම නිසා සිදු වෙනවා – රජිත් කීර්ති තෙන්නකෝන්

ඔක්තෝබර් කන්නයේ වැසි ආරම්භවීමත් සමඟම උඩරට බෝංචි, ගෝවා, කැරට් ඇතුළු සියළුම එළවළ වර්ග දිලීර රෝග හේතුවෙන් විනාශයට පත්වෙමින් ඇත. 

ඔක්තෝබර් වැසි සමයේ මීදුම සහ දවසේ වැඩි කාලයක් දැඩි තෙතමනය සහිත තත්වය හේතුවෙන් දිලීර රෝග ව්‍යාප්තවීමේ වැඩි ඉඩක් තිබේ. වැලිමඩ රත්කරව්ව, බොරලන්ද, උඩුබාදන, ගවරම්මාන ප්‍රදේශවල බෝංචි වගාව දිලීර නාශක නොමැති කමින් විනාශ වී ඇති අයුරු මේ සමඟ ඇති ඡායාරූපවලින් දැක්වේ.


1818 උඩරට කැරැල්ලේ දී සුද්දෝ ගෙඩි හැදෙන සියළුම ගහ කොළ විනාශ කළා. දැන් කෘෂි රසායන තහනම උඩරට සියළු කෘෂි වගා බිම් විනාශ කරනවා.  කෘමි නාශක නැතිව ගෝවා, බටු, මාළුමිරිස්, බෝංචි වගාව විනාශ වෙනවා.  දිලීර නාශක නැතිව බෝංචි, කැරට්, සලාද, අර්තාපල් විසිතුරු මල් යායවල් පිටින් විනාශ වෙනවා.  දියරය පොහොර,  පෝෂණ ද්‍රව්‍ය නැතුව ග්‍රීන් හවුස්, විනාශවෙනවා. සත්ත්ව ශාක ජාන සංහාරයක් කරපු උඩරට කැරැල්ලට වැඩි විනාශයක් ආණ්ඩුවේ පොහොර-කෘෂි රසායන තහනම නිසා සිදු වෙනවා යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

රජයේ කාබනික වගා සංකල්පය යටතේ මිනිසාට හිතකර, අහිතකර සියළුම කෘෂිරසායන තහනම් කර ඇත. කොපු අංගමාරය, කොළ පාළුව, දුඹුරු පුල්ලි රෝගය, පුස් වර්ග, මැලියම් වෑස්සීම අතුළු කිසිදු රෝගයක් පාලනයට අවශ්‍ය දිලීර නායක විවෘත වෙළෙඳපොලේ නැත. 

ඉන්දියාවෙන් බෝට්ටු මගින් ගෙන්වන දිලීර නාශක වර්ග කළු කඩයේ වෙළෙඳපොල මිලට වඩා සිව් ගුණයකට විකුණනු ලබයි.  රු. දෙදෙහස් පන්සීයට තිබු බෝංචි කරල්වල පුල්ලි මර්ධන දිලීර නාශක රු. හත්දහස් අටසීය කි. ඒවායේ මිල දරාගත නොහැකි බැවින් ගොවීන් දිලීර නාශක යෙදීමෙන් වැලකී සිටී.


දිලීර රෝග හේතුවෙන් දින දෙක තුනකදී සම්පූර්ණයෙන්ම වගා බිම් විනාශයට පත් වේ. අස්වැන්න අහිමිවී යයි.  දිලීර ආසාදනය වූ එළවළු හා පළතුරු වර්ග ඉක්මනින් කුණු වී යන අතර පාරිභෝගිකයින් මිලදී ගැනීමට අකමැත්තක් දක්වයි. වැලිමඩ බෝංචි වගාවේ 50% ට වැඩි අස්වැන්නක් වගා බිම තුල විනාශ වේ.  ඇස පිනවන වර්ණවත් උඩරට එළවළු දැන් වෙළදපොලේ නැත.   

ගොවීන් අර්තාපල් වැනි ඉහළ පිරිවැයක් දරා සිදු කළ යුතු වගාවන්ගෙන් ඉවත් වෙති.

කිසිදු චාරයක්, විචාරයක් හෝ විකල්පයක් නැති කෘෂි රසායන තහනම උඩරට කැරැල්ලටත් වැඩි විනාශයක් උඩරට වගාවට සිදු කරයි.  ඔක්තෝබර් වගා කන්නයට ඇරඹීමට අවශ්‍ය ප්‍රමිතියක් සහිත කෘෂි රසායන විවෘත වෙළෙඳපොළේ අලෙවියට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිමි.


(දිලීර වගාවෙන් හානියට පත් වැලිමඩ, උඩුබාදන සහ හාලිඇළ බෝංචි වගාව සහ  වගා බිමේ විනාශවන පුල්ලි රෝගයට ගොදුරු වූ බෝංචි ඡායාරූපවලින් දැක්වේ) 

රජිත් කීර්ති තෙන්නකෝන්
දකුණ සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles