ශානි අබේසේකරට ඇප..!

0
414

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අද (16) දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබේ.

ඔහු මුදා හරින ලෙස නියම කර ඇත්තේ අභියාචනාධිකරණය විසිනි.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් යන අය දෑඩි කොන්දේසි සහිතව ඇප මත මුදාහරින ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මීට පෙරදී GSP සහනය මෙරටට ලබාදීම අත්හිටුවීමට යුරෝපා සංගමය කළ යෝජනාවේදී ශානි අබේසේකර මහතාට ඇප ලබා නොදීම සැලකිල්ලට ගෙන තිබුණි…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here