ශාරුක්ගේ පුතා නිදහස් කරන්න කෝටි 25ක් අල්ලස් ඉල්ලලා

0
322

ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් මත්ද්‍රව්‍ය චෝදනාමත අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටිනවා. මොහු මෙම සිද්ධියෙන් නිදහස් කිරීමට ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ නිලධාරීන් ඉන්දීය රුපියල් කෝටි 25 ක් ඉල්ලා සිටි බව මෙම සිද්ධියෙහි ඔත්තුව ලබාදුන් ස්වාධීන සාක්‍ෂිකරුවකු ලෙස පෙනී සිටින ප‍්‍රභාකර් සේලි නමැත්තා විසින් ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය පවසන්නේ එය අසත්‍යක් බවත් එවැනි අල්ලසක් තම කාර්යාංශයේ නිලධාරීන් ඉල්ලා නොමැත් බවත්ය. එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ප‍්‍රභාකර් තවදුරටත් පවසන්නේ ගෝසාවි සෝසා වෙත දුරකථන ඇමැතුමක් දෙමින් මෙම රුපියල් කෝටි 25 මුදල අවශ්‍ය නම් කෝටි 18 ක් දක්වා අඩු කර ගත හැකි බව පැවසූ බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here