ශිෂ්‍යත්ව විභාගය, අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග පැවැත්වීමට සැලසුම් කර ඇති දිනයන් මෙන්න

0
364

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අදාළ සැලසුම් මේ වනවිට සකස්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්. එම්. ඩී ධර්මසේන මහතා පැවසීය.

කෙසේවෙතත් ඔහු පෙන්වා දෙන්නේ අදාළ දිනයන් පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති අතර එම දිනයන් සැලසුම් කර ඇති දින පමණක් බවය.  

අද දෙරණ ‘BIG FOCUS’ වැඩසටහන සමග සම්බන්ධවෙමින් එල්. එම්. ඩී ධර්මසේන මහතා ඒ බව පැවසීය. 

“නොවැම්බර් 14 වගේ තමයි ශිෂ්‍යත්ව විභාගය තියන්න සැලසුම් කරලා තියෙන්නේ. අපොස උසස් පෙළ නොවැම්බර් 15 සිට දෙසැම්බර් 10 දක්වා. අපොස සාමාන්‍ය පෙළ 2022 වසරේ පෙබරවාරි 21 සිට මාර්තු 3 දක්වා තමයි සැලසුම් කරලා තියෙන්නේ. මේ දින මම කිව්වා කියලා අනිවාර්යයෙන් තියෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ… මේක සැලැස්මක් විතරයි. මට අද කියන්න බැහැ මේක ස්ථීරයි කියලා. දරුවන්ගේ සහ දෙමව්පියන්නේ ඉල්ලීම් ගැන සලකා බලාවි. දරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ ටිකක් කරන්න ඕනේ. අපි දන්නවා දරුවන්ගේ පීඩනය. කොහොමත් විභාගය තියෙනවා. ඒ කාලයට ගැලපෙන පරිදි තීරණ ගනී. දරුවන් සූදානම් වෙලා ඉන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here