Friday, January 10, 2025

ශෙඩ්වල තෙල් නැත්තේ විපක්ෂය නිසා – සාගර

මේ වනවිට ඉන්දන හිඟයක් මෙරට ඇතිවීමට වගකිව යුත්තේ විපක්ෂය බවත් විපක්ෂය විසින් ව්‍යාජ මතයක් මගින් මිනිසුන් මුලාවට පත් කිරීම තුල ඉන්දන හිඟය ඇතිවූ බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කරයි. අද (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඔහු මේ බව පැවසීය.

“ශෙඩ්වල තෙල් නැත්තේ ඇයි කියලා මම විශය භාර අමාත්‍යතුමාගෙන් විමසුවා එතුමා කියුවා මේ වුනේ විපක්ෂය විසින් බොරු මතයක් ගෙනිච්චා තෙල් හිඟයක් එනවා තෙල් මිල වැඩි වෙනවා කියලා. ඒ මතයත් එක්ක සාමාණයෙන් තමන්ගේ වාහනට පෙට්‍රල් ලීටර් එකක් ගහගන්න මනුස්සයා පෙට්‍රල් ලීටර් හතරක් ගහගන්නවා.

ඒක තෙල් හිඟයක් ඇතිවෙයි මිල ඉහල යයි කියලා එවැනි තත්වයක් උනහම සාමාන්‍ය තත්වයක් යටතේ ඉන්දන පිරවුම්හල්වල තිබෙන ඉන්දන ප්‍රමාණයන් ඉක්මනින් ඉවර වුනා. ඒ නිසා නැවත ඉන්දන පිරවීම සඳහා යම්කිසි කාල සීමාවක් මත ඇතිවෙච්ච හිඟයක් මිසක් වගේම මේක ජනතාව විසින්ම මවාගත්ත ඉන්දන හිඟයක් මිසක් සත්‍ය වශයෙන් බිමේ ඉන්දන හිඟයක් නෑ.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles