නැගෙනහිර චීනයේ ෂෙජියැං පළාතේ වූසන්හිදී ඉරිදා ආරම්භවූ 2021 ලෝක අන්තර්ජාල සම්මන්ත්‍රණයේ වුසෙන් සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පිං සුබ පැතුම් ලිපියක් යවාතිබේ. මිනිසාගේ නිෂ්පාදන හා ජීවිතය කෙරෙහි පුළුල් හා ගැඹුරු බලපෑමක් ඇති කරමින් නව දර්ශනය,නව ආකෘති සහ නව මාදිලි සහිතව ඩිජිටල් තාක්ෂණය,මේ වනවිට මානව ආර්ථික,දේශපාලන,සංස්කෘතික,සමාජ හා පාරිසරික ශිෂ්ඨාචාරය ගොඩනැගීමේ සමස්ත ක්‍රියාවලියේ සියලු ක්ෂේත්‍ර වෙත මුළුමනින්ම ඒකාබද්ධ කරමින් පවතින බව,ෂී සඳහන් කළේය.




