ෂෙල් සහ BP සමාගම් , VISa, Mastercard ගනුදෙනුවලදී රුසියාවට සම්බාධක දමයි

0
264

යුක්රේන ආක්‍රමණය පිලිබඳව වැරදි තොරතුරු සැපයීම හේතුවෙන් රුසියානු රාජ්‍ය අනුග්‍රහය ලබන RT සහ ස්පුට්නික් රූපවාහිනී නාලිකා ෆේස්බුක් සහ ට්විටර් හී තොරතුරු පල කිරීම සීමා කිරීමට එම සමාගම්ද තීරණය කර ඇත. එම නාලිකාවන්ට අදාළ ලින්ක් ශෙයා කරන ට්විටර් ගිණුම් අවධානමකට ලක්විය හැකි බව ට්විටර් සමාගම ප්‍රකාශ කරනවා. ගූගල් සමාගමද ප්‍රකාශ කරන්නේ RT සහ ස්පුට්නික් නාලිකාවන්ට අයත් යූ ටියුබ් චැනල සිය සාමාජ මාධ්‍ය අඩවි තුල බ්ලොක් කිරීමට කටයුතු කරන බවයි.

ඒ අතර ලොව දැවැන්ත තෙල් සමාගම් වන ෂෙල් සහ BP සමාගම් සිය රුසියානු හිමිකම් විකුණා දමන බව නිවේදනය කර තිබේ. ප්‍රංශ තෙල් සමාගමක් වන TotalEnergies සමාගමද නව රුසියානු ව්‍යාපෘති සඳහා ආධාර ලබා දීම නතර කිරීමට තීරණය කර ඇත.

ඒ අතර වීසා සහ මාස්ටර්කාඩ් ඔවුන්ගේ ජාලවලින් රුසියානු මූල්‍ය ආයතන කිහිපයක් අවහිර කර ඇත. එම බැංකු වලට අදාළ ගෙවීම් Google Pay හෝ Apple Pay හීද ක්‍රියා නොකරන බව එම සමාගම් ප්‍රකාශ කරනවා. ඒ අතර කැනඩාවද රුසියාවෙන් ඛණිජ තෙල් මිළදී ගැනීම නතර කිරීමට තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here