සංකූලතා නොමැති ආසාදිතයින් නිවෙස්වලම තබයි…

0
327

සංකූලතා නොමැති අවදානම් කාණ්ඩයට අයත් නොවන කොවිඩ් ආසාදිතයින් නිවෙස් නිරෝධායනයට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරිය,

”…අනිවාර්යෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය නියමු ව්‍යාපෘතියක් කළා කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දන කාර්ය සාධක බලතාය විසින්. අතිගරු ජනාධිපතිතුමා පැහැදිලිව සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දුන්නා රෝගීන්ගේ වැඩිමීවක් තියෙන නිසා ඇතුල්වල රෝගින් ප්‍රමුඛතාගත කරන්න කියලා. ඒ අනුව වයස අඩු සංකූලතා නැති අවදානම් නොමැති කාණ්ඩය පුළුවන් තරම් ගෙවල්වලට කරලා කෝල් සෙන්ටර් එක හරහා මොනිටර් කරන්න කටයුතු කරන්නත් අවදානම් අය රෝහල්වලට ඇතුළත් කරන්නත් කියන උපදේශය ලබා දීලා තියෙනවා. මේ වනවිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට ඒ උපදෙස් ලබා දීලා තියෙනවා…”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here