Thursday, January 23, 2025

සංගලාගේ අයිපීඑල් බලාපොරොත්තු බොඳ වෙයි

මෙවර අයිපීඑල් ක්‍රිකට් තරගාලියේ අවසන් වටයට එක්වීමේ බලාපොරොත්තුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස් පිල සමඟ පැවැති තරගයෙන් කුමාර් සංගක්කාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන රාජස්ථාන් රෝයල්ස් පිලට ලකුණු 86ක දැවැන්ත පරාජයක් හිමි විය. මේ සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයෙන් තරගාවලිය නිමා කිරීමට රාජස්ථාන් පිලට සිදු වූ අතර, කොල්කටා පිල සිව්වැනි ස්ථානයේ (14) පසු වන්නේ තරග 7ක් ජය ගනිමිනි. මේ ජය සමඟ කොල්කටා පිල අවසන් වටයට එක්වීමට ආසන්න වී සිටින අතර, එය තීරණය වන්නේ ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ මුම්බායි සහ හයිද්‍රාබාද් අතර තරගයෙනි.

කෙසේ වෙතත් මේ තරගයෙන් මුම්බායි (12) පිල ජය ගත හොත් කොල්කාට පිල සමඟ ප්‍රසාද ලකුණු සම වන අතර, ඒ අනුව අවසන් වටයට එක් වීමට නම් දළ ලකුණු ගැනීමේ වේගය ද ඉහළම මට්ටමක රඳවා ගැනීමට සිදුව තිබිණි. ඒ අනුව අවසන් වටයට එක්වීමේ වැඩි අවස්ථාවක් කොල්කටා පිලට හිමිව තිබේ. මේ වන විට දිල්ලි, චෙන්නායි සහ බැංගලෝර් අවසන් වටයට එක්ව සිටී. සාජාහිදී පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොල්කටා පිල ලකුණු 171ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස රාජස්ථාන් පිලට රැස් කළ හැකි වූයේ ලකුණු 85ක් පමණි.

මේ තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 21කට කඩුලු 4ක් දවාගත් ෂිවම් මාවි (කොල්කටා) තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles