“සංගීතය විශ්ව භාෂාවක්” – විශ්වය පුරා විහිද යන මැණිකේ මගේ හිතේ ගීතය ගැන අමෙරිකානු තානාපතිවරිය කියූ කතාව

0
409

දෙකෝටියකට මදක් වැඩි ජනගහනයක් සහිත ශ්‍රී ලංකාවේ නිර්මාණය කොට දොලොස් කෝටි විසි ලක්ෂයකට අධික වාරයක් යූටියුබ් නාලිකාව ඔස්සේ නැරඹූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය යුක්රේනයෙන් පැමිණි 13 හැවිරිදි කැරොලිනා ප්‍රොටෙසෙස්කෝ අමෙරිකාවේදී සිය වයලීනයෙන් වාදනය කළ අයුරු බොහෝ දෙනාගේ අවධානයට යොමු වුණා.

කැලිෆෝනියාවේ – සැන්ටා මොනිකා හි ජනාකීර්ණ වීථියක සිංහල ගීතයක රාවයක් නින්නාද දීම එරට සිටින ශ්‍රී ලාංකිකයින්ටද අපූරු අත්දැකීමක් වුණා.

ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙම්ප්ලිට්ස්ව ඊයේ ට්විටර් සටහනක් එක් කළා.

එහිදී ඇය කියා සිටියේ කැලිෆෝනියාවේ වීථියක වැයුණු ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මිලියන සංඛ්‍යාත පිරිසක් මෙන්, තමාද බෙහෙවින් රස විඳී බවයි.

සංගීතය විශ්ව භාෂාවක් බව ඉන් තවදුරටත් තහවුරු වන්නේ යැයි අමෙරිකානු තානාපතිවරිය එහිදී කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here