අගරදගුරැ තවත් පියතුමන් දෙදෙනෙකුගේ ප්‍රාණඇපකරැවන් වෙලා

0
309

රජ පිස්සුව හැදුනු චම්පික රණවක මහතා 2025 දී කෙසේ හෝ ජනාධිපති වෙන්න කුමන්ත්‍රණ කරන බව දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

එහි සභාපති සුගත් හේවාපතිරණ මහතා පෙන්වා දෙන්නේ අද චම්පික රණවකගේ දේශපාලන වචනය පිළිගන්න තරමට කතෝලික සභාවේ ඇතැම් පියතුමන්ලා අන්ධ වී ඇති බවයි.

කිසියම් පියතුමන්ලා පිරිසක් චම්පික රණවක ගේ දේශපාලන ඉත්තන් බවට පත්වී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

එදා පාස්කු ප්‍රහාරය සිදු වන විට නිරවුල් මනසකින් රටේ ජනතාව ඇමතූ අගරදගුරු තුමන් ද අද එම නිරවුල් මානසිකත්වයෙන් කටයුතු කරන්න හැකියාවක් ලැබී නැති බවද ඔහු කියා සිටියේය.

අද වන විට සිරිල් ගාමිණී පියතුමා සහ රොහාන් ද සිල්වා පියතුමාගේ ප්‍රාණ ඇපකරුවකු බවට අගරදගුරු තුමන් පත්වී ඇතැයි ද ඔහු තවදුරටත් පැවසීය.

මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here