සංචරණ සීමා මැද කොළඹ ට්‍රැෆික්..!

0
393

ඊයේ (31) සංචරණ සීමා උල්ලංඝනය කරමින් කිසිදු හේතුවක් නොමැතිව කොළඹ නගරයට ඇතුළු වූ වාහන රැසක් හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේ අද පෙරවරු 6.30 ත් 10.30 ත් අතර ගතවු පැය 4ක කාලය තුළ කොළඹ නගරයට රථවාහන 55,944 ක් ඇතුලු වී ඇති බවය.

ඒ අතරින් රථවාහන 3528 ක් කිසිදු හේතුවක් නොමැතිව කොළඹට ඇතුළු වී ඇති බවට පොලිස් නිලධාරීන් හඳුනාගත් බව ඔහු පැවසීය.  

කොළඹින් පිට ප්‍රදේශ රැසක මාර්ගවලද අද උදෑසන විශාල රථ වාහන ප්‍රමාණයක් දක්නට ලැබුණු අතර ඒ හේතුවෙන් සමහර ප්‍රදේශ වල දැඩි මාර්ග තදබදයක් දක්නට ලැබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here