Saturday, January 11, 2025

සංචරණ සීමා නැවත පැණවීමේ අවධානමක් ?

ඉදිරි සති 02ක කාලය තුල මහජනතාවගේ හැසිරීම් රටාව අනුව සංචරණ සීමා නැවත පනවන්නේද, නැත්නම් සියළු සීමා ඉවත්කරන්නේද යන්න තීරණය කරන බවත් මේ වනවිට රටේ මහජනතාවගේ කොවිඩ් ආරක්ෂාවට ඇති උනන්දුව ඉතා පහල මට්ටමක පවතින බවත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මේ බව සඳහන් කලේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි.

තවත් කොවිඩ් ප්‍රභේද ශ්‍රී ලංකාවට පැමිණීමේ අවධානමක් ඇතිදැයි මාධ්‍යවේදීන් කල විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළකලා.

සෞඛ්‍ය සීමා ලිහිල් කිරීමෙන් පසු එකවර විශාල පිරිසක් බාහිර කටයුතු සඳහා පැමිණීම සම්බන්ධයෙන්ද වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා අදහස් දක්වා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles