සංචරණ සීමා ලිහිල් කෙරේ… ඇතැම් ප්‍රදේශ හුදෙකලා කෙරේ..

0
404

අද (25) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 5ක ප්‍රදේශ කිහිපයක් හුදකලා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබේ. වැලිමඩ, මතුගම, තලෙයි මන්නාම, කලවෙඩ්ඩි, පැල්මඩුල්ල ප්‍රදේශවල ග්‍රාමනිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කර ඇත.

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය සලකා එම තීරණ ගෙන ඇත.

සංචරණ සීමා නැවත පැණවීම ගැන දැනට කිසිවක් වාර්තා නොවේ.

දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද (25) අලුයම 4.00ට ලිහිල් කෙරුණි. 

සංචරණ සීමා ලිහිල් කෙරුණ ද ජුලි මස 05 වන දින දක්වා පළාත් සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here