Friday, September 20, 2024

සංචාරක කර්මාන්තයට සුබ ආරංචියක්

ශ්‍රී ලංකාවේ පළාත් නවයම තිරසාර සංචාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කිරීම සඳහා සංචාරක ආකර්ෂණ ස්ථාන නවයක් සංචාරක අමාත්‍යාංශය විසින් තෝරාගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ජෛව විවිධත්ව මූල්‍යකරණ මුලපිරීමේ සහයෝගය ඇතිව තෝරාගත් සංචාරක ආකර්ෂණ ස්ථාන සංවර්ධනය කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

සීගිරිය තිරසාර ගමනාන්තය, පිළිකුත්තුව දේශීය උරුම ගමනාන්තය, වනාතවිල්ලුව ගංගේවාඩිය ගමනාන්තය, එල්ලාවල ඇල්ල ස්වභාව, වවුල්පනේ හුණුගල් ගුහා, ඩෙල්ෆ් දූපත, මදුනාගල උණුදිය උල්පත්, පානම ගම්මානය තෝරාගත් ස්ථාන නවය බව අමාත්‍යවරයා අනාවරණය කළේය.

මේ අතර, ප්ලාස්ටික් භාවිතයෙන් තොර පළමු පරිසර හිතකාමී තිරසාර සංචාරක ගමනාන්තය ලෙස සීගිරිය සහ යාල ජාතික වනෝද්‍යාන ප්‍රවර්ධනය කිරීම අමාත්‍යාංශය විසින් මේ වන විටත් ආරම්භ කර ඇත.

පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සංචාරකයින් සඳහා වඩාත් ආකර්ශනීය වී ඇති බවත්, කොවිඩ් වසංගතයෙන් පසු සංචාරක ආයෝජන අනුමත කිරීමේදී මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම තිරසාර ගමනාන්ත සංවර්ධනය කිරීමේ වගකීම මේ වන විටත් අදාළ පළාත් සංචාරක අධිකාරිය වෙත පවරා ඇති බව සඳහන් කළ අමාත්‍ය රණතුංග මහතා ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව පැවසීය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles