Sunday, September 22, 2024

සංචාරක කලාප වල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අන්තර් අමාත්‍යංශ ඒකාබද්ධ වැඩපිළිවෙලක් – සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග

සංචාරක කලාප වල යටිතල පහසුකම් සංවර්ධනයට අන්තර් අමාත්‍යංශ ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැකසීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව සංචාරක අමාත්‍යංශය, මහාමාර්ග අමාත්‍යංශය, ජල සම්පාදන අමාත්‍යංශය, විදුලිබල අමාත්‍යංශය, ග්‍රාමීය මාර්ග හා අව‍ශේෂ යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය වැනි ඊට අඳාල අමාත්‍යංශ වල සහය ඒ සඳහා ලබාගන්නා බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමේදී සංචාරක කලාප වල යටිතල පහසුකම් සංවර්ධනය අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව තිබේ.දැනටමත් මේ සඳහා ඉල්ලීම් ගණනාවක් ලැබී ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.මෙම ඉල්ලීම් ඒ ඒ අමාත්‍යංශ වෙත යොමු කිරීමටත් අන්තර් අමාත්‍යංශ සම්බන්ධීකරණ කමිටුවක් හරහා මෙම ගැටලු විසඳීමට ඒකාබද්ධ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමටත් කටයුතු යොදා ඇතැයි ඇමතිවරයා සදහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles