Monday, September 16, 2024

සංචාරක පුබුදුව…. මෙරටට එන්න නොමිලයේ වීසා

නොමිලේ වීසා පහසුකම යටතේ රටවල් 35ක පුරවැසියන්ට මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඊට අයත්ය.

එම අවස්ථාව ලැබෙන්නේ 2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහාය.

මීට පෙර චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, රුසියාව, තායිලන්තය, මැලේසියාව සහ ජපානය යන රටවල්වල සංචාරකයින් සඳහා ගාස්තු රහිත වීසා ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරනු ලැබීය.  

Related Articles

Latest Articles