සංචාරක වීසා මත නීති විරෝධීව විදේශ රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය කිසිදු වගකීමක් භාර නොගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.
ඒ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.