සංදීප් නඩුවේ පාඨලිගේ මූලික විරෝධය කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

0
258

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු බරපතළ අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥවරු විසින් මතුකළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ මන්ත්‍රීවරයාගේ නීතිඥවරුන් විසින් මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවට අධිකරණය වෙත යොමු කළ මූලික විරෝධතාව පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විසින් එම නියෝගය ලබා දුන්නේය.

ඒ අනුව ජුනි මස 17 වනදා විත්තිකරුට අධිකරණය හමුවේ චෝදනා කියවා දී නඩු විභාගය ආරම්භ කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.

එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි ද නිකුත් කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here