සංවර්ධන ව්‍යාපෘති ගැන අගමැති නිලධාරීන් සමඟ සාකච්ඡා

0
296

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පවතින ගැටලු සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරයා සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් මසකට වරක් හමුවී සාකච්ඡා කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (25) දින උපදෙස් දුන්නේය.

එම සාකච්ඡාවල දී ඉස්මතුවන කරුණු ත්‍රෛයිමාසිකව සමාලෝචනය කරමින් සංවර්ධන කටයුතු සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙලක් පවත්වාගෙන යා යුතු බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ජාතික භෞතික සැළසුම් දෙපාර්තමේන්තුවෙන් හා විදේශ ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති හතරක මෙන්ම වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ආයතන තුනක දෙවැනි කාර්තුවේ ව්‍යාපෘති ප්‍රගතිය විමසා බැලීම අරලියගහ මන්දිරයේ දී අද පෙරවරුවේ පැවති රැස්වීමක දී අගමැතිවරයා මේ බව පැවසීය.

මෙහි දී ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඒ ඒ ආයතනවලට වැටුප් ගෙවීමට ආදායමක් ඇත්නම් ඇබෑර්තු පුරවන්න තහනම් කර නැතැයි අගමැතිවරයා එහිදී කීවේය.

අවශ්‍යම අය බඳවා ගන්නා ලෙස ද අගමැතිවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here