සංවිධායකවරුන් පත් කිරීම මුල් කරගෙන සමගි ජන බලවේගය තුළ ගැටුම්කාරී තත්වයක්

0
330

සමගි ජන බලවේගය ආසන සංවිධායකවරුන් රැසකට එහි නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අදාල පත්වීමේ ලිපි ලබා දුන්නා.

මෙම සංවිධායකවරුන් පත් කිරීම මුල් කරගෙන සමගි ජන බලවේගය තුළ ගැටුම්කාරී තත්වයක් ඇතිව තිබෙන බව දැනගන්නට තිබෙනවා.

ගැටුමට මුල

ඊට මුල් වී තිබෙන්නේ පක්ෂ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතායි.

පානදුර ආසනයට සංවිධායකවරුන් පත් කිරීමේදීයි මෙම ගැටුම්කාරී තත්ත්වය ඇතිව තිබෙන්නේ.

එම ආසනය තමන්ගේ කිට්ටුවටම පුද්ගලයෙකුට ලබාදිය යුතු බවට ෆොන්සේකා මහතා බලපෑම් කර තිබෙනවා.

එසේ නොවුවහොත් තමාගේ පක්ෂ සභාපති ධුරයෙන්ද වැඩක් නැති බව සඳහන් කර ඇති ෆොන්සේකා මහතා තමා සභාපති ධූරයෙන්ද ඉල්ලා අස්වන බවටත් අනතුරු ඇඟවීමක්ද කර තිබෙන බවයි වාර්තා වන්නේ.

නායකයා හිර වේ

ප්‍රශ්නය උග්‍ර වීම මත සමගි ජන බලවේගයක සජිත් ප්‍රේමදාස මහතා පානදුර ආසනයට සංවිධායකවරුන් සිව් දෙනකු පත් කිරීමට සූදානම් වූ බවකුත් වාර්තා වනවා.

මෙම ගැටුම අතරතුර පාවිච්චි නොවිය යුතු වචනද ෆොන්සේකා මහතා වෙතින් පාවිච්චි වූ බවත් දැනගන්නට තිබෙනවා.

කෙසේ වෙතත් අවසානයේ ෆොන්සේකා මහතාගේ ගෝල බාලයාට කළුතර දිස්ත්‍රික් සංවිධායකකමක් දුන් බවයි වාර්තා වන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here