සජබෙ ඇතුළෙ ප්‍රශ්න හදන්න යන ව්‍යාපාරිකයා කව්ද?

0
293

සමගි ජන බලවේගය ඇතුළේ ප්‍රශ්න හැදීම සදහා කූඨ ව්‍යාපාරිකයකු ව්‍යාජ පුවත් නිර්මාණය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සදහන් කර සිටියේය.

ඒ මහතා පෙන්වා දෙන්නේ එම ව්‍යාපාරිකයාට අයත් ජඩ මාධ්‍ය මගින් මෙවැනි ව්‍යාජ පුවත් නිර්මාණය කරමින් සිටින බවත්, ඊට පිළිතුරු දීමට පවා අනවශ්‍ය බවත්ය.

මේ රටේ නාගයෝ නටවා, පැණි පොවා, මුට්ටි ගගට දමමින් රටම මිත්‍යාවක පැටලුවේද මෙම මාධ්‍ය මගින් ‌බව පෙන්වා දුන් ඒ මහතා මේ හරහා ගජමිතුරු කල්ලියට සිය ව්‍යාපාර කටයුතු සිදු කරමින් සිටින බවත් පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here