සජබ දෙවන සංවත්සරයත් මාර්තු 11 සල්ගාදු ක‍්‍රීඩා පිටියේදී

0
454

සමගි ජන බලවේගයට වසර දෙකක් පිරෙන ලබන මාර්තු 11 දා එම සංවත්සර උත්සවය අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගණයේ දී මහා රැලියක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර ඇතැයි දිවයින පුවත්පත වාර්තා කරයි.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගිය 09 වැනිදා පැවැත්වූ රැලියට වඩා වැඩි පාක්ෂික පිරිසක් සහභාගි කරවමින් ආණ්ඩුවේ ප‍්‍රධාන පක්ෂයට අභියෝගයක් වන ලෙස එම රැලිය පැවැත්වීමට ද සජබය තීරණය කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් එම පුවත්පතට පවසා ඇත.

සංවත්සර උත්සවය මෙන්ම ඉදිරි පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ප‍්‍රචාරක කටයුතු ද එම රැලියෙන් ඇරඹෙනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here