Sunday, September 22, 2024

සජබ විරෝධතාවය ස්ථිරයි පොලිසිය ඉල්ලූ නියෝග අධිකරණය ඉවත දමයි

හෙට දිනයේදී සමගි ජන බලවේගය විසින් පැවැත්වීමට නියමිත විරෝධතාවය වැළැක්වීම සඳහා පොලිසිය ඉල්ලා සිටි නියෝගයක් මාළිගාකන්ද අධිකරණය සහ ගංගොඩවිල අධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කර තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද එම ප්‍රතික්ෂේප කරිම සිදුකළේය.

අදාළ උද්ඝෝෂණයට එරෙහිව අධිකරණය හමුවේ කරුණු වාර්තා කළ කෙසෙල්වත්ත, වේල්ලවීදිය, ආදුරුප්පුවීදිය ඇතුළු කොළඹ මධ්‍යම කොට්ඨාසයේ පොලිස් ස්ථාන වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් විසින් හෙට දින කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි ඔහු සඳහන් කලා.

සෞඛ්‍යය නීතිරීති උල්ලංඝනය කරමින් පවත්වනු ලබන මෙවැනි රැස්වීම් හරහා කොරෝනා ව්‍යාප්තිය තීව්‍ර වීමට ඉඩකඩ ඇති බවයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ.

තමා කිසිදු අවස්ථාවක මෙම උද්ඝෝෂණය තහනම් කරන ලෙස ඉල්ලා නොසිටින බවත් එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට අනුකූලව පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය වෙනුවෙන් ගුණරත්න වන්නිනායක සහ අතුල එස් රණගල යන නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා සිටියා.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලු ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ එම උද්ඝෝෂණය කෙසෙල්වත්ත පොලිස් බලප්‍රදේශය තුළ පැවැත්වෙන බවට නිශ්චිත ව කරුණු ඉදිරිපත් වී නොමැති බවයි.

එමෙන්ම සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශවල මහජන රැස්වීම්වලට සහභාගී වීය හැකි පුද්ගල සංඛ්‍යාව හෝ ප්‍රතිශතයක් පිළිබඳව කරුණු දක්වා නොමැති බවද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.

ඒ අනුව පොලීසිය විසින් ඉදිරිපත් කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles