Sunday, September 22, 2024

සජිත්ගේ පෑඩ් කථාවට රොෂාන් මහානාමගෙන් තල්ලුවක්

කාන්තා සනීපාරක්ෂාව සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති කතාබහ ඉදිරියට ගෙන ගොස් එහි සාධනීය ප්‍රතිඵල කාන්තාවන්ට අත්කර දිය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක රොෂාන් මහානාම මහතා පවසනවා. සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමිනුයි ඔහු මේ බව සදහන් කරන්නේ.

රොෂාන් මහානාම මහතා සිය  ෆේස්බුක් ගිණුමේ සදහන් කරන්නේ කාන්තාවගේ ජීව විද්‍යාත්මක කරුණු සම්බන්ධයෙන් සියවස් ගණනාවක සිට අප සමාජය පසුගාමීව කටයුතු කරන බවයි. කාන්තා ගැටළු රහසිගතව හා ලැජ්ජාවෙන් කතා කිරීම හේතුවෙන් මේ වන විට සමාජ හා සංස්කෘතික වශයෙන්ද රට ගමන් කර ඇත්තේ පහළ මට්ටමකටයි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, සමාජ  මාධ්‍ය ක්‍රියාකාරීත්වයට පමණක් සීමා නොවිය යුතුයි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව යනු අධ්‍යාපනය, සෞඛ්‍යය සහ රැකියා අවස්ථා සදහා ද කාන්තාවන්ට සමාන ප්‍රවේශයක් ලබාදීමයි. දේශපාලන හා ආර්ථික තීරණ ගැනීමේදී  ද සියයට 52 ක් වූ මෙරට කාන්තා බහුතරයට අවස්ථාව  ලබාදිය යුතුයි. ස්ත්‍රියට යහපත් සමාජයක් ස්ථාපිත කිරීම සදහා පුරුෂයින් වන අපට වැදගත් කාර්යභාරයක් ඇති බව දියණියන් තුන් දෙනෙකුගේ පියෙකු ලෙස තමන් විශ්වාස කරන බවද රොෂාන් මහානාම මහතා පෙන්වා දෙනවා. වර්ථමාන ඩිජිටල් ජනගහනය අතර මේ සම්බන්ධයෙන් අත්‍යාවශ්‍ය දැනුමක් ලබාදීමට පෑඩ් මෑන්, හෑෂ් ටැගය මේ වන විටත් සමත්ව තිබෙනවා. කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන මෙරට සියලුම කාන්තාවන්ට පහසුවෙන් ලබාදීමට සහතික වන ඕනෑම මුලපිරීමකට තමාගේ සහයෝගය ද ලබාදීමට පොරොන්දු වන බවයි රොෂාන් මහානාම මහතා ඔහුගේ ෆේස්බුක් පණිවුඩයේ වැඩිදුරටත් සදහන් කරන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles