සජිත් කියපු බෙහෙත වහා ගේන්න ආණ්ඩුව සාකච්ජා අරඹයි.

0
408

අවදානම් මට්ටමේ සිටින කොවිඩ් -19 රෝගීන් සඳහා භාවිතා කරන ටොසිලිසුමාබ් ඖෂධ කුප්පි 1000ක් ලබා ගැනීම සඳහා රජය අතරමැදි සැපයුම්කරුවන් සමඟ මේ වනවිට සාකච්ඡා කරමින් ඇති බව ‘ද මෝනින්ග්’ පුවත්පත වාර්තා කොට ඇත.

නිෂ්පාදන, සැපයුම් සහ ඖෂධ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එස්. රත්නායක මහතා උපුටා දක්වමින් එම පුවත්පත මේ බව අනාවරණය කොට ඇත.

“මෙම ඖෂධයෙන් සාමාන්‍යයෙන් ලෝකය තුළ නිපදවන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. එයින් සුළු පංගුවක් ද අපටත් ලැබෙනවා. අපට ලැබී තිබූ කෝටාව කුප්පි 400ක් පමණ. පෞද්ගලික අංශය ද අප මත යැපෙනවා. මෑතකදී ඔවුන්ගේ අවශ්‍යතා වැඩි වෙලා තියෙනවා. අපි දැන් කුප්පි 10 ක් පමණ පෞද්ගලික අංශයට ලබා දී තියෙනවා. ඊළඟ ඇණවුම සැප්තැම්බර් මාසයේදී යුරෝපයෙන් අපට ලැබෙන්න තියෙනවා. නමුත් අතරමැදි සැපයුම්කරුවන්ගෙන් කුප්පි 1,000ක් ලබා ගැනීමට ද අපි උත්සාහ කරමින් සිටිනවා” යනුවෙන් ඔහු පවසා ඇත.

කෙසේවෙතත් මෙම සතියේ මුලදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම ඖෂධ හිඟය පිළිබඳව පාර්ලිමේන්තුවේදී කතා කරමින් සහ ට්විටර් පණිවුඩයක් මඟින් අවධානය යොමු කිරීමට පියවර ගත්තේය.

අගෝස්තු 17 දින පාර්ලිමේන්තුවේදී ප්‍රේමදාස මහතාට ප්‍රතිචාර දක්වමින් ඖෂධ නිෂ්පාදන, සැපයුම සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එය සමච්චලයට ලක් කිරීමට පියවර ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here