සජිත් ප්‍රේමදාස එන්නත ලබාගනී..

0
388

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනයේදී කොවිඩ් එන්නත ලබාගෙන තිබෙනවා. තමන්ට කොවිඩ් සඳහා ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත එන්නත ලබාගත් බවයි විපක්ෂ නායකවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත්තේ.

එන්නත ලබාගැනීමට අපොහොසත් වුවහොත්, නැවත කොවිඩ් රෝගය වැළඳිය හැකි බවත්, එය මාරාන්තික විය හැකි බවත්, වෛද්‍යවරුන් තමන්ට තරයේ අවවාද කළ බවයි විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ. තමන්ගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය අනුව වෛද්‍යවරුන්ගේ නියමයට එකග වූ බව ද විපක්ෂ නායකවරයා සිය ෆේස්බුක් ගිණුමේ වැඩිදුරටත් සටහන් කර තිබෙනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here