සජිත් ප්‍රේමදාස 2023දී සජබ නායකයා වෙයි

0
320

2023 වසර සඳහා සමගි ජන බලවේගයේ පක්ෂ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා තෝරා පත් කර ගත්තේ ය.

ඒ, ඊයේ(11) බොරැල්ල කැම්බල් පිටියේ පැවති සමගි ජන බලවේග දෙවැනි සංවත්සර සමුළුවේදීයි.

“පෙරළියට මඟ කියන – කරළියට ගොඩවන්න” තේමා කරගනිමින් සමගි ජන බලවේගය ඊයේ දෙවැනි සංවත්සර සමුළුව සංවිධානය කළේ ය.

බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වූ සමුළුවට පාක්ෂිකයින් පැමිණියේ දැවැන්ත පා ගමන් දෙකකිනි. 

එක් පාගමනක් පැමිණියේ බොරැල්ලේ සිට පැමිණි අතර තවත් පාක්ෂිකයින් පිරිසක් දෙමටගොඩ සිට පාගමනින් පැමිණියහ.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පාගමනට එක්විය.

අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ පක්ෂයේ සාමාජිකයින් කැම්බල් පිටියට පැමිණි අතර සමුළුව ආරම්භ වුණේ සර්ව ආගමික වතාවත්වලින් අනතුරුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here