Sunday, September 22, 2024

සටන පාවාදීමක්

ලබන 25 වනදා වන විට ගුරු – විදුහල්පති වැඩ වර්ජනය අවසන් කරන බවට වෘත්තීය සමිති සන්ධානයක් විසින් ප්‍රකාශ කර තිබීම, එම සටන පාවා දීමක් බව විදුහල්පති ශ්‍රේණීධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව සඳහන් කළේ අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට ලබා දෙන විසඳුම් සලකා බලා ඉදිරි තීරණ වලට එළඹෙන බවයි.

වැටුප් විෂමතා ගැටලුව මුල් කරගෙන ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කල ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 99 ක් ගත වන අතර ළමුන් 200ට අඩු පාසල් ලබන 21 වනදා සිට ආරම්භ කිරීමටයි රජය මේ වන විට සැලසුම් කර ඇත්තේ.

ඔවුන් අද පෙරවරුවේ රැස්වී තීරණය කරනු ලැබුවේ ලබන 21 වනදා සහ 22 වනදා වැඩ වර්ජනයක නිරත වීමටයි.

එහෙත් 25 වන සඳුදා සිට සේවයට වාර්තා කරන බවද ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කියා සිටියා.

තම සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව ප්‍රකාශ කළා.

තම සංගමයේ සාමාජිකයින් ලබන 21 වනදා සේවයට වාර්තා කරන බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ කියා සිටියා.

මේ අතර රජය විසින් පත්වීම් ලබා දුන් උපාධි ධාරීන්ගෙන් ගුරු සේවයට අන්තර් ග්‍රහණය කල 18,000 කට වැඩි පිරිසක් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරනු ඇති බව අප කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles