ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් (ඩීජී) ධූරයට හිටපු ජනාධිපති කාර්යාලීය සමාජ මාධ්‍ය ප්‍රධානී ශර්මිලා රාජපක්ෂ පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
පසුගිය දා එම ධුරයෙ සිටි ඉෂිනි වික්‍රමසිංහගේ ඉල්ලා අස්වූ අතර එලෙස ඇතිවූ පුරප්පාඩුවට තවත් රාජපක්ෂ කෙනෙක් ,එලෙස අනුයුක්ත කිරීමට නියමිතය.
ශර්මිලා රාජපක්ෂ 2020 ජුනි මාසයේදී ජනාධිපති සමාජ මාධ්‍යප්‍රධානී ධූරයෙන් සිය ඉල්ලා අස්විය. කෙසේවෙතත් රාජපක්ෂගේ පත්වීම තහවුරු කිරීම සඳහා ද මෝර්නින් පුවත්පත වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයට කතා කර ඇති අතර, ඊට පිළිතුරු දෙමින් ඔවුන් පවසා ඇත්තේ පසුගිය (18)වන දා ශර්මිලා රාජපක්ෂගේ පත්වීමට අදාල කැබිනට් පත්‍රිකාව යවා ඇති බවයි. කෙසේ වෙතත්, ඊයේ (19) සහ ඊයේ (20) නිවාඩු දිනයක් බැවින් අද (21) කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබෙනු ඇත.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ සිටින අලි ඇතුන් 14 දෙනෙකු ලියාපදිංචිය සඳහා ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත මුදා හැරීමට නියෝග ට කලකිරී පසුගිය දා ඉෂිනි වික්‍රමසිංහ ඉල්ලා අස්විය. එමෙන්මාලි ඇතුන් වෙනුවෙන් අලුත් නීති ආණ්ඩුව විසින් එය විවේචනයට ලක් වෙමින් පැවසුනේ නව ගැසට්ටුවෙන් අලි ජාවාරමට පාර කපන බවයි.




