සතියක් පුරා රතන සූත්‍ර සජ්ඣායනයක්

0
363

අනුරාධපුර ඵෙතිහාසික ස්වර්ණමාලී මහසෑය අභියසදී දින හතක් පුරා රතන සූත්‍ර සජ්ඣායනයක් ආරම්භ කිරීමට සුදානම් කර තිබෙනවා.

දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවේ ‍මෙය පැවැත්වෙන්නේ වසංගත රෝ බියෙන් පීඩිත සියලු ලෝවාසී ජනතාවට ආශිර්වාද පතා බවයි.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ සහ රුවන්වැලි චෛත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන නා හිමිවරුන්ගේ අනුශාසනා පරිදි මෙම වැඩසටහන සංවිධානය කර තිබෙනවා.

මෙම මස 20 වන දින දක්වා සෑම දිනකම පස්වරු 5.30 සිට පසුදා පහන් වනතුරු පවත්වන මෙම රතන සූත්‍ර සජ්ඣායනය ස්වර්ණමාලී මහසෑ බටහිර දොරටුව අභියස සිදු කිරීමට නියමිතයි.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සියපත පදනම එක්ව මෙම වැඩසටහන සංවිධාන කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here