සතොසට අයත් ප්‍රයෝජනයට නොගන්නා ගොඩනැගිලිවලට කරන්න යන දේ ඇමති බන්දුල පහදයි

0
324

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත් ප්‍රයෝජනයට නොගන්නා ගබඩා සහ ගොඩනැගිලි පරිශ්‍ර රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේද අනුව කෙටිකාලීනව පෞද්ගලික ආයතන වෙත ලබා දීමට සතොස අධ්‍යක්ෂ මණ්ඩලය යෝජනා කර තිබෙනවා.

ඒ අනුව, එවැනි පරිශ්‍ර රජයේ ප්‍රධාන තක්සේරුකරුවන්ගේ තක්සේරු වටිනාකම් පදනම් කරගෙන කුලී පදනම මත පෞද්ගලික ආයතන වෙත බදු දීමටත්, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ආයෝජන ව්‍යාපෘති සඳහා සුදුසු එවැනි ගබඩා ආදිය දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබා දීමටත් කැබිනට් අනුමැතිය හිමිවනු ඇති.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here