Friday, January 10, 2025

සතොසෙන් දුඹුරු සීනි රුපියල් 130 ට

දුඹුරු සීනි කිලෝ 01 ක් ලබන බදාදා සිට සතොස සහ සමුපකාර හරහා රුපියල් 130 කට අලෙවි කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ඔහු මේ බව කියාසිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට මාසික සීනි පරිභෝජනය මෙට්‍රික් ටොන් 45,000 ක් පමණ වන බවයි.

ඉන් මෙට්‍රික්ටොන් 23,000 ක් ජනතාවගේ පරිභෝජනය සඳහා බවත් ඉතිරිය වෙනත් අවශ්‍යතා සඳහා බවත් අලගියවන්න මහතා කියාසිටියා.

අනුව මෙරට දෛනික සීනි පරිභෝජනය මෙට්‍රික් ටොන් 1,500 ක් පමණ වන බවද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වැඩිදුරටත් සඳහන් කලා.

මේ අතර වර්තමානයේ වෙළදපල තුල සහල් සහ සීනි මිල අසීමිත ලෙස ඉහළයාම අසාධාරණ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

මෙම මිල ඉහළයාම ලෝක වෙළදපලේ බලපෑමක් මත සිදුවන්නක් නොවන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

මෙම අසීමිත මිල ඉහළයාම කෙසේ හෝ පාලනය කළ යුතු බවත් ඊට අදාල තීරණ රැසක් එළඹෙන සතියේදී ගැනීමට නියමිත බවත් අමාත්‍යවරයා සදහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles