Friday, January 10, 2025

සතොසෙන් පොල් දීමත් සීමා කරයි. එක් අයෙකුට ගෙඩි තුනක් විතරයි

සතොස අලෙවි සැල් හරහා එක් අයෙකුට ලබාගත හැකි පොල් ගෙඩි ප්‍රමාණය 03 දක්වා සීමා කර තිබේ.

මිට පෙර සතොස හරහා පොල් ගෙඩි 05ක් එක් අයෙකුට මිලදී ගැනීමේ හැකියාව පැවතිණි.

මෙයට හේතු වී ඇත්තේ සාමාන්‍ය වෙළඳපොලේ රුපියල් 90ට විකුණන පොල් ගෙඩියක් සතොස අලෙවිසැල් වලින් රුපියල් 75කට විකිණීම සිදුකරන නිසා බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසන ලදී.

සහල් මිලදී ගැනීමේදී වෙනත් භාණ්ඩද මිලදී ගැනීම අනිවාර්ය බවත්, සහල් පමණක් මිලදී ගැනීමට අවස්ථාව හිමි නොවන බවත් ඔහු සඳහන් කරනවා. සතොස හරහා අඩු මිලට සහල් අලෙවි කරන බැවින් ජාවාරම්කරුවන් සහල් තොග රැස් කර ගැනීම අවහිර කිරීම සඳහා සීමා පනවා ඇති බවද බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සතොස අලෙවිසැල්වල සියලු භාණ්ඩ අලෙවි කරන්නේ සාමාන්‍ය වෙළඳපොලේ පවතින මිල ගණන්වලට වඩා අඩුවෙන් බවයි.

මෙි අතර අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව වෙළඳපොළට සැපයෙන බව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය නිර්දේශයන් හා විසඳුම් ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව 7 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කෙරෙනු ඇත.

මුදල් අමාත්‍යවරයා, වෙළඳ අමාත්‍යවරයා, කෘෂිකර්ම අමාත්‍යවරයා,සමුපකාර සේවා,අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා, එම කමිටු සාමාජිකයින් අතර වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles