Tuesday, September 24, 2024

සතොසෙන් හාල් කිලෝවක් රු. 98කට

පොන්නි සම්බා කිලෝ එකක් සතොස මඟින් රුපියල් අනූ අටකට අලෙවි කිරීමට පියවර ගත් බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මෙරට වෙළෙඳ පොළේ සහල් මිල ඉහළ යෑම නිසා රජය විදේශ රටවලින් සහල් ගෙනැවිත් පාරිභෝගික ජනතාවට රුපියල් සීයකට අඩුවෙන් සහල් කිලෝ එකක් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ ඉකුත් සතියේ ඉන්දියාවේ සිට සහල් තොගයක් රැගත් නැවක් මෙරටට පැමිණියා

සහල් රැගත් එම නැව බොහෝදුරට අද (18) මෙරටට පැමිණීමට නියමිත අතර ඉන්පසුව ලංකාව පුරාම පිහිටි සතොස හා සමූපකාර අලෙවිසැල් ජාලා ඔස්සේ සහල් කිලෝ එකක් රුපියල් 98ට ලබාදෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles