සතොසේ පැටිකිරිය ජනාධිපති ආපු ගමන් කියනවා – ඉල්ලා අස්වූ පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ

0
286

ජනාධිපතිවරයා අද හෙටම මුණ ගැසී සතොස දූෂණ වංචා සම්බන්ධයෙන් ඔහුට තොරතුරු ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තුවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන මහතා පවසයි.

ඒ සඳහා සියලු ලියකියවිලි සූදානම් කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

මෙයට අමතරව එම දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිඛිතවද කරුණු ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තු වන බව පැවසූ ගුණවර්ධන මහතා මෙයට අදාළ සියලු කටයුතු ඉන් අනතුරුව අවසන් කරන බවද පැවැසුවේය.

එම දූෂණ,වංචා,අක්‍රමිකතා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඉන්පසු බලධාරීන්ට අයිති රාජකාරියක් බවද ඔහු පැවැසීය.

ජනාධිපතිවරයා දිවයිනට පැමිණි වහා ඔහු හමුවී මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහාද මූලික කටයුතු කරගෙන යන බවත් තුෂාන් ගුණවර්ධන මහතා කීවේය.

මෙයට පෙර තමා ගෑස් ප්‍රශ්නය පිළිබඳව නීතිපතිවරයා හමුවී කරුණු ඉදිරිපත් කළ බවත් ඒ අවස්ථාවේදීද තමාට බලධාරීන්ගෙන් විරෝධතා එල්ලවූ බවත් හෙතෙම සඳහන් කළේය.

Kubiyo News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here