සතොස පාලනය කරන්නේ බන්දුලගේ පවුලයි – තුෂාන් ගුණවර්ධන

0
333

සතොස ආයතනය තනිකරම පාලනය කරන්නේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගේ පවුල විසින් බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

සතොස ආයතනයේ විකුණනු ලබන භාණ්ඩ තීරණය කරන්නේද ඇමතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සහ පවුලේ සාමාජිකයන් විසින් බවත් ඔහු පෙන්වා දෙයි.

එහි විකුණනු ලබන ඇතැම් භාණ්ඩනල ප්‍රචාරණ වියදම පවා සතොස ආයතනයෙන් දරනු ලබන බවද ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

සුලුළුෑණු වංචාව යට ගසා ඇති බවත් ඊට අදාළ ලිපි ගොනු හංගා ඇති බවත් පැවසූ ඔහු සුදු ලූනු සේම පිටි, උදු, පරිප්පු සතොසෙන් පන්නා ඇති බවත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here