සතොස ලොරිවලින් එතනෝල් ඇද්ද හිටපු ඇමති පොලිස් දැලේ පැටලෙයිද..?

0
533

වත්තල, කෙරවලපිටිය “ඇසැබික් ඕවර්සීස් ප්‍රයිවට් ලිමිටඩ්” නම් ආයතනය මඟින් සුවඳ විලවුන් හා ඕඩිකොලෝන් නිපදවීමට යැයි පවසා එතනෝල් ආනයනය කර ඇති පුවතක් මීට පෙරත් වාර්තා වුණා. එම එත‍නෝල් මඟින් මත්වතුර නිපදවා ඇති බවයි සොයා ගෙන ඇත්තේ. මේ සම්බන්ධව හිටපු ඇමැතිවරයකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්ෂණ අරඹා ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව හෙවත් සතොස ලොරි රථ සහ එහි රියැදුරන් යොදාගෙන හොර එතනෝල් ප්‍රවාහනය කරමින් රජයට රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු කිරීම යන චෝදනාව යටතේයි.

මේ සමාගමට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවන් වන්නේ, සතොස ලොරි රථ රියැදුරන් ඇතුළු සේවකයන් යොදා ගැනීම හා බදු වංචා කර එතනෝල් ආනයනය කිරීමයි. එම එතනෝල් මඟින් මත්වතුර නිෂ්පාදනය කරමින් තවත් බදු වංචාවක් සිදු කිරීමේ චෝදනාවක්ද මෙම සමාගමට එල්ල වෙනවා. හිටපු ප්‍රබල ඇමැතිවරයෙක් මේ සමාගමට ඍජුවම සම්බන්ධ බව මේ වන විට සාධක සහිතව අනාවරණය වී ඇති අතර, ඔහු ගැන පරීක්ෂණ ඇරඹෙණු ඇති.

මේ වන විටත් ඇන්ටන් රොබට් සෙබස්තියන් නමැති අය අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඒ, මේ සිදුවීම්වලට සම්බන්ධව අංක 488/16 යටතේ වත්තල අධිකරණයට කරුණු දැක්වීමෙන් අණතුරුවයි. හිටපු ඇමැතිවරයා අද හෙට ම අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවට වාර්තා වෙනවා. 2012-2014 වසර තුනක කාලය තුළදී මේ වංචාවන් හරහා කෝටි ගණනක පාඩුවක් ඔහු වුසින් රජයට සිදු කර ඇත.

හොර මත්වතුර නිපදවීම සම්බන්ධව මීට පෙරත් “ඇසැබික් ඕවර්සීස් ලිමිටඩ්” ආයතනයට විරුද්ධව නීති මඟින් ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ කළ ද දේශපාලන බලපෑම් මත එය නතර වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here