සතොස සුදු ළූණූ වංචාවේ ඊයේ CID භාරයට ගත් 04 දෙනා රිමාන්ඩ්

0
310

සතොස සුදු ළූණූ වංචාව සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් 04 දෙනා ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් අද වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්ථාවේදියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය විසින් ඊයේ දිනයේ දී මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.

එලෙස අත්අඩංගුවට ගැනුණේ ලක් සතොසේ මිලදීගැනීම් පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරීවරිය, ජ්‍යෙෂ්ඨ කළමණාකරු සැපයුම්, කළමනාකරු සැපයුම් සහ වැලිසර තොග අලෙවිසැලේ කළමනාකරුයි.

මේ අතර මීට පෙර අදාළ සුදු ළූණූ තොගය මිලදීගත් ව්‍යාපාරිකයාද අත්අඩංගුවට ගත් අතර ඔහු මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එමෙන්ම ලංකා සතොසේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාවද මීට පෙර අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here