සදහිරු සෑයෙන් වෛරය වැපරවීමට කටයුතු කරනවා

0
390

සඳහිරු සෑය ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල් යුද්ධයෙන් අනාථ වූ වැන්දඹු කාන්තාවන්ට සහ දරු පවුල්වලට ලබා දුන්නා නම් එය සැබෑ යුධ විරුවන් සැමරීමක් වනු ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කරයි.

‘ලෝකයේ අද යුද ස්මාරක ඉවත් කරන කාලෙක පරාජිත ජන කොට්ඨාශයක් තුල වෛරය වපුරවීමට මේ අය ඉඳගෙන කටයුතු කරනවා. යුද්ධයෙන් වැන්දඹු වෙච්ච දූ පුතුන් අහිමි වෙච්ච අය දකුණේ උතුරේ ඉන්නවා. මේ සෑයවල් හදන්න වෙන්කල මුදල් ඒ අයට බෙදා දුන්නනම් එය තමයි සැබෑ යුද විරුවන් සැමරීම’ යැයිද ඇය කියා සිටියාය.

පාර්ලිමේන්තුවේදී අයවැය දෙවැනි වර කියාවිමේ විවාදයට එක්වෙමින් ඇය මෙම අදහස් පල කලාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here