”සද්භාවයෙන් දුන්න ජනවරම තමයි ආණ්ඩුව බලහත්කාරයක් කරගෙන තියෙන්නේ”

0
306

වත්මන් ආණ්ඩුව රට ඉතා අනතුරුදායක වේදිකාවක් වෙත කැදවාගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

රටේ ආර්ථික හා ආරක්ෂක වශයෙන් වැදගත් ස්ථාන විදේශයන්ට පැවරීම හරහා මෙම තත්වය උද්ගතව ඇති බවයි පක්ෂ මූලස්ථානයේ අද (15) පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ.

රට මුහුණ දී ඇති මෙම තත්වයෙන් මුදා ගැනීම සදහා සියලු ප්‍රගතිශීලී ජනතාව ඒකරාශී වන ලෙසද නලින්ද ජයතිස්ස මහතා මෙහිදී ඉල්ලීමක් කළා.

කෙරවලපිටිය විදුලි බලාගාරයට ගෑස් සැපයීමේ අයිතිය අමරිකානු සමාගමක් වෙත පැවරීමේ ගිවිසුම අත්සන් කර මේවනවිට මාසයක කාළයක් ගතව ඇතත් එම ගිවිසුමේ සදහන් සත්‍යය කරුණු මේ දක්වා රටට හෙළි කිරීමට ආණ්ඩුව අපොහොසත්ව ඇති බවද නලින්ද ජයතිස්ස මහතා කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here