සදාචාර විරෝධී ලෙස ආණ්ඩුව කුඩා ගැහැණු දරුවන් දූෂණය කිරීමට නීති සම්පාදනය කිරීමට සැරසෙනවා

0
422

2021 දෙසැම්බර් මස 15 වෙනි දින ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවක් මගින් අවුරුදු 14ට වැඩි ගැහැණු දරුවෙකු සමඟ අවුරුදු 22ට අඩු පිරිමියෙකු ඒ ළමයාගේ කැමැත්තෙන් ලිංගිකව හැසිරීම වරදක් නොවන ලෙස නීති සම්පාදනයට අවශ්‍යය කටයුතු සම්පාදනය කිරීමට සැරසෙන බව නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

පසුගියදා කොළඹ දී පැවැති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් ඒ මහතා ඒ බව ප්‍රකාශ කළේය. එහිදී තිරාණගම මහතා වැඩි දුරටත් පවසා සිටියේ අධිකරණ ඇමතිවරයා විසින් ගෙන එන මෙවැනි මානව විරෝධී සදාචාර විරෝධී කැබිනට් පත්‍රිකා අනුමත කිරීමට අනෙක් ඇමතිවරු කටුයුතු කරන්නේ කුමක් නිසාද කියායි.

“සල්ලිකාර පවුල් වල සෙල්ලක්කාර කොල්ලන්ට දුප්පත් පවුල් වල කෙල්ලන්ව දූෂණය කිරීමට ඉඩ සලන්නයි මේ නීති ගෙන එන්න හදන්නේ.” යනුවෙන්ද ඒ මහතා පැවසුවේය.

Lanka Lead News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here