Monday, October 21, 2024

සඳුදා සිට රටටම වැස්ස වැඩිවෙයි

ප‍්‍රදේශ බොහොමයකට මේ වනවිට වැසි ඇදහැලූණත් අන්තර් මෝසම් වැසි තවමත් සක‍්‍රිය වී නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ දිනවල වැසි ලැබෙන්නේ බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ ඇතිවූ කැළඹිලි තත්ත්වයක් නිසා බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් සරත් පේ‍්‍රමලාල් පැවසුවේ. කෙසේවෙතත් ගොවිතැන් කටයුතු සඳහා අන්තර් මෝසම් වැසි වඩා වැදගත් බව ද ඔහු පෙන්වා දුන්නා.

ඉදිරි දින කිහිපය ඇතුළත අන්තර් මෝසම් වැසි සක‍්‍රීය වනු ඇතැයි විශ්වාස කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. කෙසේ වෙතත් වැසි රටාවේ කැපී පෙනෙන වෙනස්කමක් මේ වනවිට සිදුවී තිබෙන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර, අද දවස පුරාද ප‍්‍රදේශ කිහිපයකට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදැසන නිකුත් කළ නිවේදනයේද දැක්වෙනවා

ලබන සඳුදා (23) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි අපේක්ෂා කරනබවද එහි සඳහන් වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles