Monday, September 23, 2024

සප්ත කන්‍යාවේ අතරමංවූ සිසුන් සොයා ගැනෙයි..

සප්ත කන්‍යා කඳුවැටිය තරණය කිරීමට ගොස් සිටියදී අතරමංවූ සරසවි සිසුන් සොයාගැනීමට හැකිවූ බවත්,ඔවුන් මේවන විට කඳුවැටියේ සිට කැටුව එමින් සිටින බවත් පොලීසිය පවසයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුවෙකු,කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනෙකු හා සිසුවියක ඇතුළු පස් දෙනෙකු සප්ත කන්‍යා කඳුවැටියේ අතරමංව ඇති බවත්,ඔවුන් සොයා ආරක්ෂක හමුදා සහ පොලීසිය විසින් මෙහෙයුම් දියත් කර ඇති බවත් ඊයේ රාත්‍රීයේ වාර්තා විය.

මෙම සිසුන් පිරිස ප.ව 2.00 ට පමණ දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානයට පැමිණ,එතැනින් බස් රියෙන් නොර්ටන් බ්‍රිජ් වෙත පැමිණ,එතැනින් ත්‍රී රෝද රථයකින් සප්ත කන්‍යා කඳුවැටිය පාමුලට ගොස් කඳුවැටිය තරණය කිරීමට ගොස් ඇති බව නෝර්ටන් බ්‍රිජ් පොලිසිය පවසයි.

රක්ෂිතය තුළට පිවිසි මෙම පිරිස සප්ත කන්‍යා කඳුවැටිය තරණය කරමින් සිටි අවස්ථාවේදී අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාර්ගය සොයාගැනීමට නොහැකිව අතරමංව ඇති බවත්,රෑ බෝවීම නිසා තවත් අනාරක්ෂිත බවක් දැනීමෙන් ඥාතීන්ට,හිතමිතුරන්ට,ආරක්ෂක අංශවලට දැනුම්දුන් බවත් එම සිසුවෙකු අප වාර්තාකරුට පවසා තිබේ.

කෙසේ වෙතත් මොවුන් ආරක්ෂා සහිතව මේවන විට කැටුව එන බවත්,කිසිවෙකුට හෝ අනතුරක් සිදුව නැති බවත් අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles