සපුගස්කන්ද තෙල් පිරිපහදුව විකුණා දැමීමට කිසිඳු සූදානමක් නෑ

0
344

අමාත්‍ය උදය ගමිමන්පිල පෙන්වා මහතා දෙන්නේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව කිසිදු අයුරකින් විකුණා දැමීමට සූදානමක් නොමැති බවයි.

වසර 52ක් පැරණි තාක්ෂණයක් මෙම පිරිපහසුවේ තිබෙන බැවින් විකිණීමකට ඉල්ලුමක් ඇති වන බවට තමා නොසිතන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා වාචික පිළිතුරු අපෙක්ෂාවෙන් අද (01දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම සඳහන් කළේය.

මේ අතර ඉන්දන මිල සංශෝධනය නොකිරීම හේතුවෙන් මෙම වසරේ පළමු මාස 10 තුල පමණක් ඛණිජතෙල් නීතිගත සංස්ථාව කෝටි 7,000ක් පාඩුවක් ලබා තිබෙන බව එම අවස්ථාවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here