සපුගස්කන්ද නැවත ඇහැරෙයි!

0
350

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද(16) යළි විවෘත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

පසුගිය ඔක්තෝම්බර් මස 7 වැනිදා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුණේ, නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය බොරතෙල් නොමැති වීම හේතුවෙනි.

අමාත්‍යංශය ප්‍රකාශ කළේ මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග ගොඩබා අවසන් අතර තවත් නෞකාවක් කොළඹ වරායේ නැංගුරම්ලා ඇති බවයි.

ඒ අනුව අද(16) සිට පිරිපහදුවේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකිරීමට සැලසුම් කර තිබේ.

මෙමගින් දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන්  1,500 ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 550 ක්, භූමිතෙල් සහ ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන්  950 ක් සහ නැප්තා මෙට්‍රික් ටොන් 1,500 ක් නිෂ්පාදනය කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here