සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු හෙට සිට සාමාන්‍ය පරිදි

0
426

සීමිත සේවකයන් සංඛ්‍යාවක් පමණක් යොදවමින් සිදුකෙරුණු සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු හෙට (06) සිට යළි සාමාන්‍ය පරිදි සිදු කිරීමට කටයුතු යොදා ඇත. සපුගස්කන්ද තෙල් පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානයේ සේවකයින් විශාල පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වීමත් සමඟ සේවකයන් කණ්ඩායමක් පමණක් මධ්‍යස්ථානය තුළ රැඳී සිටිමින් එම කටයුතු සිදු කළා.   තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ කාර්යාල ඇතුළු සියලු අංශවල කටයුතු හෙට සිට ආරම්භ වන බව  වානිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් කේ ජී එස් ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here