සපුගස්කන්ද සුපුරුදු පරිදි යළි වැඩ ?

0
274

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ක්‍රියාත්මක කිරීම සඳහා වන මූලික ක්‍රියාමාර්ග මේවනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එහි බොයිලේරු පණගැන්වීම දැනටමත් ආරම්භ කර ඇති බව සඳහන්.

බොරතෙල් නොමැතිවීම හේතුවෙන් පිරිපහදුවේ කටයුතු ජනවාරි මස 03 වනදා සිට අත්හිටවනු ලැබුවා.

කෙසේවෙතත් මේවනවිට බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000 ක් මෙරටට රැගෙනවිත් තිබෙනවා.

ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවට බොරතෙල් පොම්ප කිරීමෙන් අනතුරුව බොහෝවිට ලබන 02 වනදා සිට පිරිපහදු කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here